අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන ආරක්ෂක කමිටු සභාපති වෙනුවෙන් ආචාර පෙළපාලියක් Featured

    අප්‍රේල් 09, 2014
    පාකිස්තාන ආරක්ෂක හමුදා කාර්යමණ්ඩල ප‍්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් රෂාද් මහමුද් (Gen. Rashad Mahmood) මහතා වෙනුවෙන් අද (09) උදෑසන යුදහමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී උත්තමාචාර පෙළපාළියක් පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට ජෙනරල් රෂාද් මහමුද් මහතාව මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා විසින් කැඳවාගෙන එන ලදී. 
     
    උත්තමාචාර පෙළපාළියෙන් අනතුරුව ජෙනරල් රෂාද් මහමුද් මහතා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාද හමුවිය.
     
    සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සභාපතිවරයා ඊයේ (08) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya