අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝතලේ ගෝඨාභය රජමහා විහාර පෙරහැර වීදි සංචාරය කෙරේ Featured

    අප්‍රේල් 09, 2014

    හාපිටිගම කෝරළේ ඓතිහාසික පෙරහැර ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන මීරිගම බෝතලේ ශ්‍රී ගෝඨාභය රජ මහා විහාරස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතු පූජෝත්සවය සහ වාර්ෂික මහා පෙරහැර පැරණි චාරිත්‍ර විධි අනුගමනය කරමින් හා දේශීය අනන්‍යතාව රැකෙන අන්දමින් පසුගියදා උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කරනු ලැබීය.

    බෝතලේ සේනානායක වලව්වේ විශේෂ ධාතු මන්දිරයක තැන්පත් කොට දේශබන්දු එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක මහත්වරු ප්‍රමුඛ සේනානායක පවුලේ ඥාතීන්ගෙන් දිගු කලක් තිස්සේ වැදුම් පිදුම් ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දේවින්ද සේනානායක හා රොහාන් සේනානායක මහත්වරුන් විසින් බෝතලේ රාජ මහා විහාරයට පූජා කරනු ලැබීම නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහර මෙවර පැවැත්වුණේ 28වන වතාවටය.

     

    පෙරහර විහාරස්ථානයෙන් ඇරඹී කීනදෙනිය මංසන්ධිය දක්වා ගමන් කර යළි විහාරස්ථානයට මෙම පෙරහර ගෙවදිනු ලැබීය. අලි ඇතුන් පහළොවකගෙන් පමණ සමන්විත උඩරට පහතරට නැටුම් ආදියෙන් අලංකෘතව නර්තන අංග පනහකට වැඩි ප්‍රමාණයකින් යුතුව මෙවර පෙරහර පැවැත්විණ.

     

    බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා විහාරාධිපති හාපිටිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක, මහෝපාධ්‍යය කඩිගමුවේ පේමානන්ද නාහිමියන්ගේ අනුශාසනා හා උපදෙස් මත පෙරහැර සංවිධානය කරනු ලැබීය. පෙරහර නිලමේ ලෙස කටයුතු කරන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඩී.ඒ.පී.ජයවර්ධන මහතා සධාතුක කරඩුව ධාතු මන්දිරයේදී කඩිගමුවේ පේමානන්ද නාහිමිපාණන්ගෙන් බාරගෙන උන්වහන්සේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යය, මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අංක 01, ලේඛකාධිකාරී වේවැල්දෙනිය බෝධිමලු විහාරාධිපති බෝපිටියේ ඉන්ද්‍රගුප්ත නාහිමිපාණන් සමඟ මහ පෙරහරින් ඉහළ මාලය දක්වා වැඩමවූ අතර, එහිදී සේනානායක පවුලේ ඥාතීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පරාක්‍රම සේනානායක පවුලේ ඥාතීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පරාක්‍රම සේනානායක මහතා සුභ මොහොතින් සධාතුක කරඬුව මංගල හස්තිරාජයා වූ මිල්ලන්ගොඩ පොඩි රාජා හස්තිරාජයා පිට තැන්පත් කෙරිණ.

     

    මේ අවස්ථාවට වැඩම කරවූ මහා සංඝරත්නය ද වසන්ත පරාක්‍රම සේනානායක මහතා ප්‍රමුඛ සේනානායක පවුලේ ඥාතීන් ද පෙරහර නිලමේ ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ඩී.ඒ.පී. ජයවර්ධන මහතා ඇතුළු ආරාධිතයෝ සධාතුක කරඬුවට පූජෝපාහාර පැවැත් වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya