අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    42 වන ජාත්‍යන්තර නව නිර්මාණ තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රාහකයන් අද දිවයිනට

    අප්‍රේල් 09, 2014

    42 වන ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගයේ සම්මානලත් ශ්‍රී ලාංකේය නව නිර්මාණකරුවන් සිව්දෙනා අද (09) දිවයිනට පැමිණීමට නියමිතය.


    මේ තරගාවලියේ ප්‍රධාන අංශ දෙකක රන් පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලාංකේය නව නිපැයුම්කරුවන් වන මංජු ගුණවර්ධන, හේලි සෙනෙවිරත්න, මනෝජ් ගල්ගමුව, වෛද්‍ය රිෂාඩ් මොහොමඩ් සහ අයිමාස් ෆිරෝෂ් සමත් වූහ.

    ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පසුගිය අප්‍රේල් 02 වන දා සිට 06 වනදා දක්වා පැවති 42 වන ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන් 05 දෙනෙක් ඉදිරිපත් වූ අතර ලෝකයේ විශාලතම නව නිර්මාණ තරගය ලෙස සැලකෙන මේ සඳහා මෙවර රටවල් 45ක නිර්මාණ 700ක් ඉදිරිපත් කර තිබුණි.

     

    ඒ සියලු නිර්මාණ අතුරින් ජාත්‍යන්තර ඇගයීමටලත් අපේ නව නිර්මාණකරුවන් සිව්දෙනා අද දිවයිනට පැමිණීමෙන් පසු ව විශේෂ පිළිගැනීමේ උත්සවයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්විණි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya