මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    අප්‍රේල් 09, 2014

    අද (09) මඩකළපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ දී  දිවයිනට බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya