අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 - ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය තෙලිජ්ජවිල දී

    අප්‍රේල් 09, 2014

    2014 - ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය මෙවර මාතර, තෙලිජ්ජවිල කෘෂිකර්ම සංකීර්ණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් 09දා සිට 15 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    දැයේ කෘෂිකර්මාන්තය නංවාලීමට උරදෙන කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන විසින් එය සංවිධානය කරනු ලබයි.

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පසුගියදා පැවති දිවි නැඟුම වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ හොඳම ගෘහ ආර්ථික ඒකක සඳහා ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දිවි නැඟුම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ ගෙවතු වගාව නංවාලීම පමණක් නොව කෘෂි ක්ෂේත‍්‍රයේ සෑම අංශයක් කෙරෙහිම වැටහීමක් ගොවි මහතුන් වෙත ලබාදීමත් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරතුරුව ඇපකැප වී සිටින බවත්ය.

    මෙවර ජාතික ගොවි සතිය කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය මාතර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට ලැබීම ආශිර්වාදයක් බවත් එමඟින් මාතර දිස්ත‍්‍රික්කයේ දැනට වගා නොකර අත්හරින ලද සෑම බිම් අඟලකම කුමන හෝ වගාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම එම භූමියට උචිත බෝග වගා නිශ්චය කර වගා කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන, යටිතල පහසුකම් සහ යෙදවුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන අතර තෙත් කලාපයට අයත් විශේෂිත වී වර්ග වගා කිරීම, ආරක්ෂිත ගෘහ තුළ බෝග වගා ප‍්‍රචලිත කිරීම හා පැරණි වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම මෙවර ගොවි සතියේ දී ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් අතර වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මාතර දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 16ට අයත් ගෙවතු වගා ගොවීන් අතරින් ප‍්‍රථම දෙවන සහ තෙවන ස්ථාන තෝරා එම ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya