අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට හිතකර පරිසරයක් ඇති දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රීලංකාවයි

    අප්‍රේල් 09, 2014

    දරුවන්ගේ කටයුතු සඳහා හිතකර පරිසරයක් සහිත දකුණු ආසියාවේ වඩාත් හොඳම රට ශ්‍රී ලංකාව බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    සාර්ක් සංවිධානයට අයත් ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අහෝසි කිරීම සඳහා වූ වැඩසටහන  හෙවත් සයිවැක්’ ව්‍යාපෘතිය යටතේ,  පිළිගත් ජාත්‍යන්තර සංවිධාන රැසක් එක්ව වසර තුනක් පුරා  සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් ලද මෙම ඇගයීම රටට විශාල ගෞරවයක් බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතාකඩ පෙර පාසල සඳහා රුපියල් ලක්ෂ 23ක වියදමින් ඉදිකළ නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීම නිමිත්තෙන් ඉකුත් දා පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ ඉදිකළ මෙම නව ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය මූල්‍ය  අනුග්‍රහය ලබා දී ඇති අතර, සිවිල් ආරක්ෂක බලකාය ශ්‍රම දායකත්වය ලබා දී තිබේ.

    එහිදී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, දරුවන්ට ලැබෙන සෞඛ්‍ය, අධ්‍යාපන හා ආරක්ෂණ යන ප්‍රතිලාභ දර්ශකයක් ලෙස යොදාගෙන ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ මෙම සමීක්ෂණ වාර්තාව තුළින් මෙරට පිළිබඳ ඇතැම් රටවල් පතුරවන පදනම් විරහිත චෝදනා පුස්සක් බවට පත්ව තිබෙනවා.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙන් දරුවන්ට ආදරය කරන නායකයෙක් ලෝකයේම නැහැ. මේ රටේ දරුවන් තරම් වාසනාවන්ත දරු පිරිසක් ලෝකයේම නැහැ. මේ රට මෙතරම් සංවර්ධනය කරන්නේ ජනාධිපතිතුමන් දරුවන්ට ඇති සෙනෙහස නිසාමයි.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ලෙස අප උත්සාහ කරන්නෙත් ළමා නිවාස විවෘත කරනවට වඩා දවසින් දවස පෙර පාසලක් හෝ විවෘත කිරීමටයි.

    දරුවන්ට සිදුවන හිංසන ගැන පැමිණිලි කිරීමට ඇති 1929 ළමා උපකාරක සේවයත්, කාන්තාවන්ට සිදුවන හිංසන ගැන පැමිණිලි කිරීමට ඇති 1938 කාන්තා උපකාරක සේවයත් නිසා මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපි තව තවත් ඉදිරියට ගොස් තිබෙනවා.

    මේ රටේ සිදුවන යහපත් දේවල් සුභවාදී අයුරින් දකින්නට තරම් අපේ විපක්ෂය පරිණත නැහැ. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් රටේ සිදුකරන සංවර්ධනයත් විපක්ෂය දකින්නේ ධනාත්මකව නොවෙයි.දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් රජය දැනටමත් වයස අවුරුදු පහට වඩා අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගෘහ සේවය සඳහා යාම වළක්වා ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    පෙර පාසල් දරුවන් විසින් අලංකාර රංගනයන් කීපයක් ද මෙහි දී ඉදිරිපත් කළහ.මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද, පළාත් සභා මන්ත්‍රී සුසිල් ගුණරත්න, මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.කේ. පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya