මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ඉදිකිරීම් නැරඹීම සඳහා යුද හමුදාපති වන්නියේ සංචාරයක Featured

    සැප්තැම්බර් 05, 2014

    වන්නි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු කරනු ලබන ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (04) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත විය.


    පදවිය, නන්දිමිත්‍රගම, වෙඩිතලතිව් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් මෙසේ නිරීක්ෂණයට ලක් කෙරිණි. මෙහි දී ප්‍රථමයෙන් වෙඩිතලතව් හි පිහිටි යුද හමුදා කමාන්ඩෝ පාසලේ සංචාරය කළ යුද හමුදාපතිතුමා එම පාසල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක් කළ අතර එහි අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි උපදෙස් ද ලබා දුන්නේය. 

     

    ඉන් අනතුරුව එතුමා ඵෙතිහාසික නන්දිමිත්‍ර ගමට පැමිණි අතර එහි යුද හමුදා ඉංජිනේරුවන් සහ වන්නි සෙබළුන් සිදු කරන ඉදිකිරීම් ද පරීක්ෂා කළේය.

     

    පදවිය විශේෂ බලකා පුහුණු පාසලේ සංචාරය කළ යුද හමුදාපතිතුමා 56 සහ 62 වන සේනාංකවල තත්ත්වය නිරීක්ෂණය කළේය.  



    වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මෙම සංචාරය සඳහා පැමිණි යුද හමුදාපතිතුමා පිළිගෙන යුද හමුදා ඉදිකිරීම් සිදු කෙරෙන අදාළ ස්ථාන කරා කැඳවා ගෙන යනු ලැබීය.



    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya