අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාකා විද්‍යාලයීය තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනයට ICTA අනුග්‍රහය

    අප්‍රේල් 08, 2014

    කොළඹ විශාකා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද IT INFO 2014 තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් ලබා දී තිබේ.

     

    නියෝජිතායතනයෙන් අලංකාර ප්‍රදර්ශන කුටියක්ද ප්‍රදර්ශනයට එක්කර තිබු අතර, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් දරුදැරියන්ට සහ තරුණ තරුණියන්ට තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය පිළිබඳව මාර්ගෝපදේශනය ලබා දීම මෙන්ම සයිබර් ආරක්‍ෂණය ගැන දැනුවත් කිරීමද එහිදී සිදුවිය.   


    ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු පැවති උත්සව අවස්ථාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, අතීතයේදී සාක්‍ෂරතාව මැනීමේ මිනුම් දණ්ඩක් වුණේ ලිවීමේ සහ කියවීමේ හැකියාවයි. අද තවත් අලුත් දෙයක් ඊට එකතු වී තිබෙනවා. ඒ තමයි පරිගණක සාක්‍ෂරතාව. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් අද රටතුළ ක්‍රියාත්මක කර තිබෙනවා. නැණසල දහසේ වැඩසටහන ඒ අතර ප්‍රධානයි. එහි ප්‍රතිඵල වශයෙන්  තොරතුරු තාක්‍ෂණ විශේඥයින් අද ඈත එපිට ගම්මානවල පාසල්වලින් බිහිවෙමින් සිටිනවා.

    උත්සව අවස්ථාව ඇමතූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා පැවසුවේ, සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබෙනවා  වත්මන් පරම්පරාවේ සමීපතමයා මෙන්ම විශ්වාසවන්ත  මිතුරා වී තිබෙන්නේ අන්තර්ජාලය බව. ගුරුවරුන් දෙමාපියන් සිටින්නේ ඊට පසුවයි.

     

    අන්තර්ජාලය හරහා වරිපනම් බදු, වාහන ආදායම් බල පත්‍රය ලබා ගැනීමේ වගේ  සේවාවන් අද ක්‍රියාත්මක වෙනවා. නමුත් එම සේවා ලබා ගැනීමට යොමු වීම පහළ මට්ටමක පවතින්නේ. ‍ඒකට හේතුව වෙන්න ඇති ‍‍ඒ සේවාලාභීන් බහුතරය පැරණි පරම්පරාවේ අය වීම. නමුත් අද තරුණ පරම්පරාව එහෙම නෙමෙයි ඇදුම පැළඳුමේ ඉඳලා සියලු දේම අන්තර්ජාලය හරහා නිවසටම ගෙන්වා ගැනීමටයි ඔවුන් රුචි කරන්නේ.

     

    අපේ පරම්පරාවේ අය ලංකාවේ ඇතුලේ රැකියා කරද්දී තරුණ පරම්පරාව අන්තර්ජාලය හරහා ලෝකය පුරාම ඉහළ  රැකියා වල නිරතව සිටිනවා. මේ නිසා දැන් පාසැල් ඇතුළුව රාජ්‍ය අංශ සිය පරම්පරාවට සේවා ලබා දිය යුතු අයුරු අධ්‍යයනය කොට නව සේවා ක්‍රමවේද ආරම්භ කළ යුතුයි. විශේෂයෙන්ම අයිසීටීඒ ආයතනය ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ පහසුකම් ඉහළ නැංවීමට විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා. එහි ප්‍රතිලාභ අද ජනතාව බුක්ති විඳිමින් සිටිනවා.    


    තොරතුරු තාක්‍ෂණය ඉහළ කෙළවරටම භාවිත කරන තොරතුරු තාක්‍ෂණයේ සීඝ්‍ර වෙනසක් නව පරම්පරාවේ පුරවැසියනට තම සේවා ලබා දීමේ ක්‍රමවේද ගැන නැවත සිතා බැලීමට සිදු වී තිබෙනවා. තොරතුරු තාක්‍ෂණය සිය පරම්පරාව ලෙස හැඳින්වෙන 1980න් පසු ඉපදුණු පරම්පරාවේ පුද්ගලයින් පුරවැසියන් ලෙස සමාජ ගත වීමේ දී ඔවුනට සරිලන අයුරින් සේවා ලබා දිය යුතුයි. මේ නිසා සිය පරම්පරාව රාජ්‍ය සේවා ලබා ගැනීමට කැමැත්ත දක්වන අයුරු නොයෙකුත් රටවල් විසින් අධ්‍යයනය කර තිබෙනවා.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya