මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියන් ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

    අප්‍රේල් 08, 2014

    ඉන්දියාවේ දිල්ලි ගුවන් හමුදා කඳවුරේ පැවති ඉන්දියන් ගුවන් හමුදා ක‍්‍රයිටේරියම් පාපැදි සවාරිය - 2014 සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පසුගිය මස 28 වන දින ඉන්දියාව වෙත පිටත්ව ගියහ.

    ක්‍රීඩකයන් සය දෙනෙකු (06) ගෙන්  යුක්ත මෙම කණ්ඩායමට නායක ගුවන් භට ඩේන් නුගේරා, නායක ගුවන් භට සමන්ත ලක්මාල්,  නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක, නායක ගුවන් භට මධුසංක පෙරේරා, ගුවන් භට වජිර පුෂ්ප කුමාර සහ ගුවන් භට අශේන් තාරුක යන ක්‍රීඩකයින් එක්ව සිටි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.


    කිලෝමීටර් 100ක් දුර තරගයේ සමස්ත ජයග‍්‍රහණය ශ්‍රී ලංකා ගුවන්  හමුදාව නියෝජනය කරමින් නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක එහිදී දිනාගන්නා ලදී.

     

    දෙවන ස්ථානය ඉන්දීය ක්‍රීඩකයකු විසින් දිනාගත් අතර, තෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නායක ගුවන් භට මධුසංක පෙරේරා විසින් දිනාගන්නා ලදී.මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න, කළමනාකරු බලපන්ති සැරයන් රුවන් කුමාර, පුහුණුකරු ලෙස කෝප‍්‍රල් බාලචන්ද්‍ර හෙන්ඩි‍්‍ර යන අය සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya