අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්සලට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්නැයි ආර්ථික ඇමතිගෙන් උපදෙස්

    අප්‍රේල් 08, 2014
    කිතුල් ආශ්‍රිත ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ඇතුලු අනෙකුත් නිෂ්පාදන ලක්සලට මිලදී ගෙන එම නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට උපදෙස් ලබා දී ඇත. 
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය දින කොළඹ සුදර්ශි ශාලාවේ පැවති "කිතුලක වරුණ" ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි. 
     
    මෙම ප්‍රදර්ශනය හා උත්සවය සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබ තිබුණි. 
     
    මෙම ප්‍රදර්ශනයේ තිබූ 50කට අධික ප්‍රදර්ශන කුටිවල සංචාරය කළ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු අමාත්‍යවරු එම නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය රජයේ සහයෝගය කුමක්දැයි විමසා බැලූහ. 
     
    එහිදී අමාත්‍යවරුන්ට දැන ගන්නට ලැබුණේ මෙම නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා සාධාරණ වෙළඳපොළක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවය. ඒ සඳහා ලක්සලට මැදිහත් වන ලෙස එහිදී ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට බැසිල් රජපක්ෂ අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී.
     
    මෙම අවස්ථාවට විශේෂයෙන් පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ හිටපු නේවාසික අධ්‍යක්ෂ රිචඩ් පෝස්ට් මහතා මෙහිදී ප්‍රකාශ කළේ තමන් බ්‍රිතාන්‍යයට කිතුල් නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බවය. එසේම විවිධ වෘත්තියන්හි නියැළෙන විදේශික සංචාරකයින් පිරිසක්ද මෙම උත්සවය නැරඹීමට පැමිණ සිටි‍යහ. ඔවුන්ද සිය රටවලට කිතුල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා උපදෙස් දෙන බව ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝතී, අතිරේක ලේකම් සුසන්ත ද සිල්වා, අතිරේක ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya