මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චාරිත්‍රානුකූලව අලුත් අවුරුදු ගනුදෙනු සඳහා 15වනදා මහජන බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන විවෘතයි

    අප්‍රේල් 08, 2014

    සිංහල හා හින්දු අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක් කරමින් ප්‍රථමවරට 1973 වසරේ සිට චාරිත්‍රානුකූල අවුරුදු ගනුදෙනු සඳහා සිය බැංකු කවුළු විවර කළ ගනුදෙනු සිරිතේ පුරෝගාමීන් වන මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලුත් අවුරුදු ගනුදෙනු සඳහා දිවයිනපුරා පිහිටි මහජන බැංකුවේ සියලු ම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇත.


    අලුත් අවුරුද්ද යෙදෙන මේ 14 වනදා පොහොය දිනයක් වන බැවින්, මෙම චාරිත්‍රානුකූල අවුරුදු ගනුදෙනු සඳහා මහජන බැංකුවේ ශාඛා සහ සේවා මධ්‍යස්ථාන ලබන15 වැනි අඟහරුවාදා පෙ.ව. 09.00 සිට විවෘතව තැබේ.එදින පවතින ගිණුම් සඳහා මුදල් තැන්පත් කිරීම, නව ගිණුම් විවෘත කිරීමට හා අවුරුදු ගනුදෙනු ඉතුරුම්පත් වෙනුවෙන් ඉතිරි කිරීමටද අවස්ථාව සලසා ඇත. ඉතුරු කරන සෑම රුපියල් 50,000ක ඉතුරුම්පතක් සඳහා අගනා ප්‍රෙෂර් කුකරයක් ද සෑම රුපියල් 25,000ක ඉතුරුම්පතක් සඳහා ම  අගනා විදුලි ඉස්තිරික්කයක් ද රුපියල් 10,000ක ඉතුරුම්පතකට වටිනා උණුවතුර බෝතලයක් ද රුපියල් 5,000ක ඉතුරුම්පතකට අගනා බිත්ති ඔර්ලෝසුවක් ද තිළිණ කිරීමට මහජන බැංකුව සූදානමින් සිටී.

    මීට අමතරව අවුරුදු ගනුදෙනු අර්ථවත් කරමින් සියලු ම ගනුදෙනු කරුවන් වෙත බුලත් කොළයක් මත තැබූ රුපියල් 10/=ක කාසියක් තිළිණ කිරීමටත්, පැමිණෙන සියලු ම දෙනා වෙත කිරිබතින් සංග්‍රහ කිරීමටත් මහජන බැංකුව මඟින් කටයුතු යොදා ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya