අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ අල ගොවීන්ගේ අර්තාපල් මිලදී ගැනීම දිගටම

    අගෝස්තු 27, 2014
    දේශීය අර්තාපල් ගොවීන් රැකගැනීමේ වැඩසටහන යටතේ බදුල්ලේ අර්තාපල් ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රුපියල් 80ක සහතික මිලකට මිලදී ගැනීමට රජය මගින් අගෝස්තු 22 වැනිදා ඇරඹූ  වැඩසටහන දැන් ඉහළම සාර්ථකත්වයක් ලබා තිබේ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන 12කින් අර්තාපල් මිලදී ගැනීම සිදු වන්නේ ලංකා සතොස මගින් අත්පිට මුදලක් ගොවීන්ට ඒ සඳහා ලබා දෙමිනි. මෙතෙක් ගොවීන් පෞද්ගලික තොග වෙළෙඳුන්ට අර්තාපල් අලෙවි කළේ පසුව මුදල් ගෙවීමේ පදනමිනි. මේ අනුව බදුල්ලේ අර්තාපල් ගොවි 8,400කගේ පවුල්වල යැපෙන්නන් 50,000කට ආසන්න සංඛ්‍යාවකට සෙත  සැලසී තිබේ.
     
    මෙසේ ලංකා සතොස මගින් අත්පිට මුදලට මිලදී ගන්නා අර්තාපල් ලංකා සතොස අලෙවි ජාලය හරහා අලෙවි කරන අතර ඒ පිළිබඳ ව ගොවීන් දැනුවත් කිරීම ගොවි සංවිධාන මගින් සිදු කළ අතර ඉකුත් දෙදින තුළ පමණක් ගොවිජන මධ්‍යස්ථානවලදී අර්තාපල් කිලෝ 31,534ක් මිලදී ගත් අතර ඒවා සඳහා ගොවීන්ට අත්පිට මුදල් ගෙවූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඊයේ (26) පැවසීය.
     
    ශ්‍රී ලංකාව අර්තාපල්වලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන යටතේ දේශීය අර්තාපල් වගාකරන ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ බදුල්ලේ කැප්පෙටිපොළ, වලහමුල්ල, හාලිඇළ, අඹගස්දෝව, තැන්නේකුඹුර, බණ්ඩාරවෙල, බොරලන්ද, දඹවින්න, සපුගොල්ල, ඇටම්පිටිය, බඹරපාන, දියතලාව යන ගොවිජන සේවා මධ්‍යස්ථාන 12දී නොකඩවාම අර්තාපල් මිලදී ගැනීම සිදුවේ. අල අස්වැන්න නෙළීම අගෝස්තු මස ආරම්භ වි නොවැම්බර් දක්වා සිදුවේ.  
     
    ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා මසකට අර්තාපල් මෙට්රික් ටොන් 12,000ක් අවශ්‍ය වන අතර දේශීය ව ඉන් නිෂ්පාදනය වන්නේ සියයට 40ක් පමණි. මෙරටට අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 65ක් වගා කෙරෙනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. වසර 2013 වසරේදී අර්තාපල්, ලොකු ලූනු, වියලි මිරිස් ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 19,104කි. වසර 2015 අවසානය වන විට අර්තාපල්, ලොකු ලූනු සහ වියලි මිරිස් නිෂ්පාදනයෙන්  සියයට 50ක ස්වයංපෝෂිත භාවයක් ලබාගැනීම රජයේ අරමුණ වේ. එබැවින් විදේශීය අර්තාපල් ආනයනය අවම කිරීම සඳහා ආනයනික අර්තාපල්වලට විශේෂ භාණ්ඩ බද්දක් ද රජය මගින් පනවනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya