අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන ගුවන් හමුදාපති දිවයිනට පැමිණෙයි Featured

    අගෝස්තු 28, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) රාති‍්‍රයේ දිවයිනට පැමිණි පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බට් මහතා හා එම මැතිණිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හා එම මහත්මිය විසින් පිළිගන්නා ලදී. 
     
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පාකිස්තාන ගුවන් හමුදාව අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන ගුවන් හමුදාධිපති වරයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (28) උදෑසන ගුවන් හමුදා මුලස්ථානයේදී නිල වශයෙන් හමුවීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානිවරයා හා යුධ හා නාවික හමුදාධිපතිවරුන් හමුවීමටද නියමිතය.
     
    පාකිස්තාන ගුවන් හමුදාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිත අතර ඉන් අනතුරුව ගුවන් හමුදා කඳවුරු කිහිපයක සංචාරය කිරීමට නියමිතය. තාහිර් රාෆික් බට් මහතා 1955 දී උපත ලද අතර 1977 මාර්තු මස පාකිස්තාන ගුවන් හමුදාවට බැඳී ඇත. ගුවන් නියමු උපදේශකයකු සහ ප‍්‍රහාරක ගුවන්යානා නියමුවකු ලෙසද කටයුතු කර ඇති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බට් මහතා පකිස්තානු ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති වරයායි.
     
    මෙම සංචාරයේ දී පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා මූලස්ථාන වෙතත් ත්‍රීකුණාමලය චීන වරායේ ගුවන් හමුදා ඇකඩමිය, කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ද යාමට නියමිතය. මෙම දූත කණ්ඩායම ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ආරක්ෂක හමුදාපතිවරුන් ද හමුවෙති.
     
     ECB/HC
     
    Air Chief Marshal Tahir Rafique Butt
     
     
     
     
     
    Air Chief Marshal Tahir Rafique Butt 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya