අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම බේරුවල නිවාස හා කඩසාප්පු කඩිනමින් හිමිකරුවන්ට Featured

    අගෝස්තු 27, 2014
    පසුගියදා අවාසනාවන්ත සිදුවීමක් නිසා අලාභහානියට පත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මේ වන විට කඩිනමින් ප්‍රතිසංස්කරණ කරන බවත් නිවාස 71ක් සහ ව්‍යාපාරික ස්ථාන 22ක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට ජනතාවට භාර දී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.


    තවත් කඩ සාප්පු 33ක් සහ නිවාස 109ක් මේ වන විට අලුත්වැඩියා කෙරෙමින් පවතී. මෙම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩිනමින් ඒවයේ හිමිකරුවන්ට භාර දීමට කටයුතු කරන බව සතියේ ආරක්‍ෂක මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා අද (27) පැවසීය.


    මේ සියලුම ප්‍රතිසංස්කරණය කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වේ. මෙම සිදුවීමේදී නිවාස 82ක් සහ ව්‍යාපාරික ස්ථාන 211ක් අලාභහානියට පත්ව තිබුණි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya