අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    800 වැනි නැණසල මධ්‍යස්ථානය හෙට විවෘත වෙයි

    අගෝස්තු 27, 2014

    800 වැනි නැණසල මධ්‍යස්ථානය ‍හෙට (28දා) තාවල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරෙන වන 61 වැනි නැණසල මධ්‍යස්ථානය මෙය වේ.

    මුලික පරිගණක පුහුණුව, අන්තර්ජාල පහසුකම්, ඉ-මේල් පහසුකම් ඇතුළු සේවාවන් රැසක් මෙහිදී ලබා ගත හැකි බව නියෝජිතායතනය පවසයි.

    විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya