අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් මියගිය ගුවන් විරුවන්ගේ දරුදැරියන්ට ශිෂ්‍යත්ව Featured

    අගෝස්තු 27, 2014

    තිස් වසරක කුරීරු යුද්ධයේ අමිහිරි මතක සටහන් අප අතර ඉතිරිකරමින් අප අතරින් යුධ විරුවන් ලෙස සමුගත්  ගුවන් විරුවන්ගේ  දරුදැරියන්ගේ සුභසාධනය උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව ප‍්‍රදානයන්ගේ තවත් එක් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයක් ඊයේ (26) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ  සේවා වනිතා ඒකකයේදී පවත්වන ලදී.

    මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය සඳහා යුද්ධයෙන් මියගිය ගුවන් විරුවන්ගේ දරුදැරියන් 13 දෙනෙකු තෝරාගනු ලැබූ අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ලැබුණු ආධාර මගින් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය  සිදු කරන ලදී.

    ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානී ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.
     

    ශිෂ්‍යත්ව සඳහා තෝරාගත් දරුදැරියන්ගේ ඥාතීන් ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරිහුද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.


    ECB

     

    air2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya