අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන ගුවන් හමුදාපති ශ‍්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක

    අගෝස්තු 27, 2014

    පකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් තහීර් රාෆික් බට් මහතා (Air Chief Marshal Tahir Rafique Butt) තෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.


    පකිස්තාන ගුවන් හමුදාපතිගේ මෙරට සංචාරය අතරතුදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට අපේක්ෂිත අතර ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිතය.


    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතා සහ පකිස්තාන ගුවන් හමුදාපතිවරයා අතර හමුවෙන් දෙරටේ වෘත්තීමය සහයෝගීතාව සහ සහජීවනය තවදුරටත් වර්ධනය කරගැනීමේ කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya