මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියේ සහයෝගිතා කේන්ද්‍රයට නව තොරතුරු තාක්ෂණික ඒකකයක් Featured

    අගෝස්තු 26, 2014
    කිලිනොච්චි ප්‍රදේශයේ සිටින දරු දැරියන්ගේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතු ව එහි ඇති සහයෝගිතා කේන්ද්‍රය (Harmony Centre) පරිගනක යන්ත්‍ර 27ක් සහිතව නව තොරතුරු තාක්ෂණික ඒකකයක් විවෘත කිරීම ඊයේ (25) කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    ජනනාම් ආයතනය (Jananam Institution ) විසින් පරිගනක යන්ත්‍ර 12ක්ද ගුණ, ජය සතුට පදනම (Goodness Foundation ) විසින් පරිගනක යන්ත්‍ර 10ක් හා මානුෂීය පදනම (Foundation of Humanity ) විසින් පරිගනක යන්ත්‍ර 5ක්ද වශයෙන් පරිගනක යන්ත්‍ර 27ක් මෙම නව තොරතුරු තාක්ෂණික ඒකකය වෙත පරිත්‍යාග කරනු ලැබීය. මීට අමතරව ජනනාම් ආයතනය විසින් මුදලින් රුපියල් 75,000ක් ද මෙම ඒකකය වෙත පරිත්‍යාග කරනු ලැබීය.


    ඉහත සඳහන් පරිගනක යන්ත්‍රවලට අමතරව තවත් පරිගනක යන්ත්‍ර 4ක් රාමනාද පුරම් විද්‍යාලය, අක්කරායන් කුලම් මහා විද්‍යාලය, කොනවිල් දෙමළ මිශ්‍ර පාසල හා වලෙයිපදු රෝමානු කතෝලික විද්‍යාලය යන පාසැල්වලට ලබාදීම ද මෙම අවස්ථාවේදීම සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා ජනනාම් ආයතනයේ අධ්‍යක්ෂ ජනගන් මහතා, මානුෂීය පදනමේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා ඇතුළු පරිත්‍යාගශීලී සමාගම්වල නියෝජිතයන් ද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, විදුහල්පතිවරුන්, දෙමාපියන් හා ප්‍රදේශයේ දරු දැරියෝ රැසක්ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya