මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය වපුරන පිරිස් සමාජයේ සිටිනවා

    අගෝස්තු 26, 2014

    සිංහල ජාති වාදය මෙන් ම දෙමළ මුස්ලිම් ජාතිවාදය වපුරන පිරිස් මේ වන විටත් සමාජයේ සිටින බවත් පුනරුත්ථාපනය ලැබූ සියලු දෙනා නිවැරදි දේ අවබෝධ කර ගත යුතු බවත් පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කරේ වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ තවත් රැඳවියන් පිරිසක් සමාජගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    එම කඳවුරේ දී පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 7 දෙනෙකු පසුගියදා පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර දෙන ලදි .

    පසුගිය මානුෂික මෙහෙයුමෙන් අනතුරු ව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12,298 යුධ හමුදාව වෙත භාර වූ අතර ඔවුන් නිසි පුනරුත්ථාපන කි‍්‍රයාවලියකට ලක්කොට මේ වන විට 11,970 දෙනෙකු සමාජයට වැඩදායක පුද්ගලයින් ලෙස සමාජගත කොට ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සමාජගත කෙරුණු සියලු දෙනාගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා දැනට ලංකාවේ පවතින අඩු ම වාර්ෂික පොලී අනුපාතය වන 4% වාර්ෂික පොලී අනුපාතය යටතේ රුපියල් ලක්‍ෂ 2.5ක ණය මුදලක් ලබා දීමටද ක‍්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    සමාජ ගත කෙරුණු රැඳවියන් 7 දෙනෙකු තම ඥාතීන් වෙත භාර දීම අමාත්‍ය වරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ කර්නල් දයාමාල් ජයසූරිය ඇතුළු රැසක් සහභාගි වී සිටියහ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya