මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'නැනෝ තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉදිරි පිම්මකට යොමුකරයි ද?' සම්මන්ත්‍රණයක්

    අගෝස්තු 26, 2014

    අන්තර්ජාතික සංවර්ධන සමාජයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සංවර්ධන සමාජ ශාඛාව විසින් 'නැනෝ තාක්ෂණය භාවිතය ශ්‍රී ලංකාව සංවර්ධනයේ ඉදිරි පිම්මකට යොමුකරයි ද?' යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ සම්මන්ත්‍රණයක් අද (26) කොළඹ 07, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන (පදනම් ආයතනය අසල) ශ්‍රවණාගාරයේදී ප.ව. 5.00ට පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ තාක්ෂණ සංවර්ධන ක්ෂේත්‍රයට මෙම නැනෝ තාක්ෂණය භාවිතය සම්බන්ධව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරේ. නැනෝ තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයට යොදාගැනීම සම්බන්ධව වර්තමානයේ දැඩි අවධානයක් යොමු වී තිබෙන අතර දැනටමත් ශ්‍රී ලංකාව නැනෝ තාක්ෂණය භාවිතයට ගනී.

     

    මෙම සම්මන්ත්‍රණයේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක හා මහාචාර්ය ගිහාන් අමරතුංග යන විද්වතුන් දේශන පැවැත්වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya