අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ රටේ සෑම කටයුත්තකදීම මහා සංඝරත්නයේ අනුශාසනා ලැබුණා Featured

    අප්‍රේල් 07, 2014
    ඉතිහාසයේ රට පාලනය කළ රාජ්‍ය නායකයින් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් රට කරවූ සෑම අවස්ථාවකදීම මේ රට ස්වෛරී, ඒකීය, සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමට හැකි වූ බවත් එබැවින් රට සංවර්ධනය කිරීමේ කාර්යයේදී මහා සංඝරත්නය ඇතුළු සියලු ම අන්‍ය ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    රට භෞතික අතින් සහ ආර්ථික අතින් කොතරම් දියුණු වුවත් සදාචාරාත්මක අතින් දියුණු නොවුනහොත් සංවර්ධනයේ නිසි ප‍්‍රතිලාභ නොලැබෙන්නේයැයි ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා එබැවින් ගම් මට්ටමේ සිට ක‍්‍රියාත්මක කරනු ලබන සෑම සංවර්ධන කටයුත්තකදි මෙන්ම ජනතාව ආධ්‍යාත්මික අතින් සංවර්ධනය කිරීම සඳහා ආගමික නායකයින්ගේ නායකත්වය සහ මඟපෙන්වීම ඉතා අවශ්‍ය බවත් කියා සිටියේය.
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් 2014 වසරේ දී ක‍්‍රියාත්මක කරනු ලබන "රට නැගුම" ජාතික සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රජා මූල සංවිධානවල නායකයින් ඇතුළු පිරිස් දැනුවත් කිරීම සඳහා පසුගියදා ගම්පහ ශ‍්‍රී බෝධි ක‍්‍රීඩාංගණයේ පැවති දැනුවත් කිරීමේ හමුව අමතමිනි.
     
    මෙම අවස්ථාවේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන ආමත්‍යශය මගින් වෙන් කරනු ලැබූ ප‍්‍රතිපාදන පිළිබඳවද අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. 
     
    ඒ අනුව ගම්පහ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 260ක් ද, එක් ගමකට එක වැඩක් යටතේ රුපියල් මිලියන 1177ක් සහ අනෙකුත් අතිරේක සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 768ක්, ගම නැගුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 1945 ක් ද වැය කෙරේ.
     
    පළාත් නැගුම වැඩසටහන යටතේ බස්නාහිර රන් අරුණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 2583ක්, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 94ක්, ප‍්‍රවේශ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 350ක්, පාසල්වල සනීපාරක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 78ක් ද වෙන් කෙරේ.
     
    මෙම මුදල්වලට අමතරව විමධ්‍යගත අය-වැය යටතේ රුපියල් මිලියන 90ක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ලබන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සඳහා රුපියල් මිලියන 325ක් ද වශයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් පමණක් රුපියල් මිලියන 5763ක් වෙන් වේ. 
     
    ගම්පහ ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතුවලට මෙම මුදල් වැඩි වශයෙන් යොදවන ලෙස අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි පිරිසට උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ යටිතල පහසුකම් රැසක් මේ වන විට සපුරා ඇති හෙයින් ජනතාවගේ ආර්ථිකය නැංවීමේ කටයුතු මෙම වසරේදී වැඩි අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් කුමාර ගුණරත්න, සරණ ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක, පළාත් සභා මන්ත‍්‍රී චන්දන ජයකොඩි ඇතුළු පළාත් සභා, නගර සභා, ප‍්‍රාදේශීය සහා ජනතා නියෝජිතයින් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු රජයේ නිලධාරීහු  විශාල පිරිසක් පැමිණ සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya