අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම අවුරුදු පොළවල් 324න් උත්සව සමයේ අඩු මිලට භාණ්ඩ Featured

    අප්‍රේල් 07, 2014
    සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් දිවයිනේ ප්‍රධාන ස්ථාන 324ක් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන දිවි නැඟුම අවුරුදු පොළවල්  අද (07) ආරම්භ විය.
     
    අද සිට ලබන 12 දා තෙක් මෙම අවුරුදු පොළවල් පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පැවැත්වේ. 
     
    මෙම දිවි නැගුම අවුරුදු පොළවල් මගින් අවුරුද්දට අවශ්‍ය උසස් තත්ත්වයේ කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්, රෙදිපිළි, පාවහන්, සහල්, පොල්, නැවුම් එළවළු සහ පලතුරු, දේශීය කැවිලි, ධාන්‍ය වර්ග, විවිධ පැළ වර්ග, කුළුබඩු, විසිතුරු මසුන්, ඖෂධ පැළ, සත්ත්ව නිෂ්පාදන මෙන්ම දේශීය කර්මාන්තකරුවන්ගේ විවිධ භාණ්ඩ ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇත. 
     
    රටේ ආහාර ස්වයංපෝෂිත බව තහවුරු කරමින් සුරක්ෂිතභාවය සෑම පුරවැසියෙකුටම ලබාදීම සඳහා ලාංකීය නිෂ්පාදන ස්වයංපෝෂිතව නගාසිටුවීමට මෙම දිවිනැගුම ජාතික වැඩසටහන ක්‍රියාත්මකවන අතර පාරිභෝගිකයන්ට සුවපහසුවක් සහ ස්වයං රැකියාලාභින්ට අත්වැලක් සපයමින් නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම දිවි නැගුම අවුරුදු පොළ තුළින් තව තවත් වැඩිදියුණු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     
    මෙම දිවි නැගුම අවුරුදු පොළ හරහා මෙවර හාල්, පොල්,  කිරිපිටි, පරිප්පු, ධාන්‍ය වර්ග, සැමන් ආදි වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් සුවිශේෂි අඩු මිලකට ලබාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට හිමිව තිබේ. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම අනුව මෙම දිවි නැගුම අවුරුදු පොළවල් සම්බන්ධීකරණය කරනුයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනි. එයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලක් සතොස, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක දායකත්වය හිමිව තිබේ. එමෙන්ම මෙම වැඩසටහන සඳහා පළාත් පාලන, කෘෂිකාර්මික, කුඩා කර්මාන්ත සහ කාර්මාන්ත අංශවලට අදාළ රාජ්‍ය ආයතනයන්හි ඍජු දායකත්වය දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමෙන් දැනටමත් ලබාදීමට තීරණය කර තිබේ. 
     
    දිවි නැගුම අවුරුදු පොළ පැවැත්වීමේ අරමුණ වනුයේ ප්‍රදේශයේ නිෂ්පාදිත කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳ භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ වෙනත් ගෘහ ආශ්‍රිත නිෂ්පාදකයින්ට තම වෙළෙද භාණ්ඩ අතරමැදියන්ගේ මැදිහිත්වීමකින් තොරව ඍජුවම පාරිභෝගිකයන් වෙත අලෙවිකර ඔවුනගේ නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබාදීමටය. එමෙන්ම අවුරුදු සමයේ සිදුවන මිල වැඩිවීම් පාලනය කර වෙළෙද පොළ මිල ස්ථාවර කරමින් සාධාරණ මිලට පාරිභෝගිකයාට භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව සැපයීමද තවත් අරමුණකි. 
     
    මෙම දිවි නැගුම පොළවල් සඳහා ග්‍රාමීය නිෂ්පාදකයින් 10,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවන අතර පවුල් ලක්ෂ 30ක පමණ පාරිභෝගිකයින් පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන දිවි නැගුම ජාතික වැඩසටහන මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති යටතේ නිපදවූ නිෂ්පාදන අතිරික්තය අලෙවිකර ගැනීම සඳහා ද මෙමගින් අවස්ථාවක් සැලසේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya