අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය Featured

    අප්‍රේල් 07, 2014

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 18 වෙනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    755 දෙනෙකු උපාධි හිමිකර ගැනීමට සුදුසුකම් ලැබූහ. අවස්ථා 03ක් යටතේ උපාධි ප්‍රදානෝත්සවය පැවති අතර එහිදී ප්‍රථමයෙන් 207දෙනෙකු උපාධි හිමිකර ගත්හ. දෙවැනි අවස්ථාවේ 243 දෙනෙක් ද තෙවැනි අවස්ථාවේ 305 දෙනෙකුද උපාධි හිමිකර
    ගත්හ.

    මුත්තුරාජා ප්‍රිම්රාජ් රවිචන්ද්‍ර, සාමිතම්බි පිල්ලෙයිනාදන් හා ශිව කුලේන්ද්‍ර පොන්නයියා යන තිදෙනාට මෙහිදී ආචාර්ය උපාධි හිමි වූහ. කනපතිපිල්ලේ අන්බලගම්, අරුලම්බලම් බාලචන්ද්‍ර මූර්ති ඇතුළු 04 දෙනෙකුට රන් සම්මාන ද 10 දෙනෙකුට මුදල් ත්‍යාග ද ප්‍රදානය කෙරිණි.

    මේ අවස්ථාවට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කිට්නන් ගෝවින්දරාජා, හිටපු කුලපති ආචාර්ය ටී. වරකුනන්, ලේඛකාධිකාරී කේ. මහේෂන් මහත්වරුන් ද විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන් හා කථිකාචාර්යවරු ද සහභාගී වූහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya