අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනයට නුසුදුසු ජෙලි පැකට් තොගයක් මාවනැල්ලෙන්

    අප්‍රේල් 07, 2014

    කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරන ලද පරිභෝජනයට නුසුදුසු ජෙලි පැකට් තොගයක් මාවනැල්ල ප්‍රදේශයේ නිෂ්පාදන ආයතනයක තිබී පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන ඇත.

    ඊයේ (06) පෙරවරුවේ සිදුකළ වැටලීමකදී ජෙලි පැකට් එක් ලක්ෂ 50,000ක තොගයක් මෙලෙස සොයාගත් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

     

    ජෙලි පැකට්ටු සහිත අසුරනයේ වෙනස් කරන ලද දිනයත්, ජෙලි පැකැට්ටුවල කල් ඉකුත් වු දිනයත්, සටහන්ව තිබු බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව අදාළ ජෙලි පැකට්වල කල් ඉකුත් වීමේ දින දෙකක් සටහන් කර ඇති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

     

    කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පසුගියදා ගාල්ල ප්‍රදේශයෙන් හමුවු ජෙලි පැකට් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම නිෂ්පාදන ආයතනය සොයාගෙන තිබේ.


    අදාළ නිෂ්පාදන ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya