අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය දිනය අද Featured

    අප්‍රේල් 07, 2014

    ලෝක සෞඛ්‍ය දිනය අදට ‍(7) යෙදී ඇත. මෙවර සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ "පුංචි දෂ්ට කිරීමක් - ලොකු බලපෑමක්" යන්නයි. වාහක ජනක රෝග තුරන් කිරීමේ අරමුණෙන් මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරනු ඇත.

    ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ වාහක ජනක රෝග වැඩිවීමේ අවදානමක් පවතී. මදුරුවන්, මැස්සන්, වැලි මැක්කන්, කිනිතුල්ලන්, මකුණන් රෝග වාහකයන් අතර ප්‍රධාන වේ. ඩෙංගු, මැලේරියා, බරවා, චිකුන් ගුන්යා, කහ උණ, ලයිම් ඩිසීස්, ලිෂ්මානියාසිස් යන රෝග මේ වන විට මුළු ලෝකයටම බලපෑම් එල්ල කර තිබේ‍.


    බරවා, මැලේරියාව යන රෝග මේ වන විට ශ්‍රී ලංකාවෙන් තුරන් කර ඇත. වසර 1935දී මාස හයක් තුළ මැලේරියාවෙන් ලක්ෂ 15ක් පීඩාවට පත්ව 80,000ක් මරණයට පත්වූ බවත් වසර 2000 දී මැලේරියා රෝගීන් ලක්ෂ දෙකක් වාර්තා වූ අතර පසුගිය වසරේදී කිසිදු රෝගියෙක් වාර්තා නොවීම ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

    වාහක රෝග අතරින් වැඩිපුරම මෙරටට බලපෑමක් කර තිබෙන්නේ ඩෙංගු සහ ලිෂ්මානියාසිස් වන අතර එම රෝග තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අන්තර් අමාත්‍යාංශ සහයෝගය යටතේ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද වාහක රෝග නිසා වාර්ෂිකව දස ලක්ෂයක් ලෝකය පුරා ජනතාව මරණයට පත් වන අතර ‍ලෝක ජනගහනයෙන් හරි අඩක් වාහක රෝග තර්ජනයට ලක්ව ඇතැයි ද ඒ අමාත්‍යාංශය සඳහන් කළේය.

    ලෝක සෞඛ්‍ය දිනය සමගාමීව වාහක රෝග සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයක් හෙට (08) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya