මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2014 ඇරඹේ

    අගෝස්තු 25, 2014
    ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2014 සමාරම්භක උත්සවය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
     
    සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන මැයෙන් 32වන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය (NITC 2014) අගෝස්තු  25-27 දෙදින තුළදී කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වේ.
     
     
    1982 සිට ශ්‍රී ලංකා පරිගණක සමාජය (The Computer Society of Sri Lanka-CSSL) විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්, ශාස්ත්‍රඥයන්, තාක්ෂණ ව්ශේෂඥයන්, නීති සම්පාදකයන්, ව්‍යවසායකයන් හා පුද්ගලික හා ජාතික තීරණ කාරකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය (NITC 2014) වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
     
     
    ශ්‍රී ලංකා පරිගණක සමාජය විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වෘත්තීමය පාර්ශ්වය මෙහෙයවීම සිදු කරන අතර  අග්නිදිග ආසියා ප්‍රාදේශීය පරිගණක ඒකාබද්ධ සමූහයේ (SEARCC) හා තොරතුරු සැකසුම් සඳහා වූ ජාත්‍යන්තර පෙඩරලයේ (IFIP) සාමාජිකත්වය දරයි.
     
     
    පොදු රාජ්‍ය මණ්ඩල රටවල කථිකයන් මෙම සම්මන්ත්‍රණයේ ආරාධිතයින් ලෙස සහභාගී වන අතර 2015න් පසු එළඹෙන යුගයේදී සංවර්ධනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදාගන්නා ආකාරය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන් මෙහිදී සාකච්ඡාවට බදුන් වනු ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya