මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණය අවම අගයක පැවති යුගයක නැණසල ආරම්භ කළා

    අගෝස්තු 25, 2014
    තොරතුරු තාක්ෂණය රට තුළ 4% වැනි අවම මට්ටමක පැවති 2005 වර්ෂයේදී ජනාධිපතිතුමන් නැණසල ව්‍යාපෘතිය ආරම්භ කළ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ග්‍රාමීය ජනතාව වෙත තොරතුරු තාක්ෂණය ගෙන යාම වෙනුවෙන් ආරම්භ කළ නැණසල ව්‍යාපෘතිය යටතේ ඊයේ (24) දින වන විට 797 වන නැණසල මධ්‍යස්ථානය පානදුර, මාලිමුල්ල ප්‍රදේශයේදී ආරම්භ කළ බවයි.
     
    ඒ අනුව දැනට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට අනුව 2005 වසරේ 4%ක් ව පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ මට්ටම මේ වන විට 50%ක මට්ටමකට ළඟා වී ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
     
    තොරතුරු තාක්ෂණ අභියෝගතා  ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ආරම්භ කළ නැණසල ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහනට හිමි සම්මානය පසුගියදා හිමිකර ගත්තේය. අන්තර්ජාතික බිල් ගේට්ස්  “අධ්‍යාපන ප්‍රවේශ” (Access to Learning) සම්මානය සහ ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ  “නැණසල” ව්‍යාපෘතියට එහිදී  පිරිනැමිණ. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. මීට අමතරව තවත් ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක් වටිනා මෘදුකාංග ද එහිදී නොමිලයේ ශ්‍රී ලංකාවට පිරිනැමීම ද සිදු විය. එම සම්මානය පිරිනැමීම ප්‍රංශයේ ලියෝන් නුවර ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදී පසුගිය (18) සිදු කරන ලදී. මෙම තරගය රටවල් 110ත් අතර  තොරතුරු තාක්ෂණ ආයතන 199ක් අතර පැවැත්විණ.
     
    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ  මෙම ලබාදුන් සම්මානය ඉතාමත් වැදගත් වන බවය. මෙය රූපමය සම්මානයක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ එය වෙනත් සම්මානයකට වඩා ආර්ථිකමය වශයෙන් වඩාත් වැඩි වටිනාකමක් ලබා ගන්නා බවය.
     
    තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පැවසුවේ, “2005 වසරේ විවෘත කළ පළමු නැණසල මධ්‍යස්ථානයෙන් අනතුරුව  ඊළග නැණසල මධ්‍යස්ථානය ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණේ සුනාමි ව්‍යසන අවස්ථාවේදී කිරිවෙහෙරේදී බවයි. මේ අවස්ථාවේ රටේ සියලු ම සන්නිවේදන ජාල ඇණහිටි අවස්ථාවක ජනාධිපතිතුමන් තොරතුරු තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කිරීමේ වටිනාකම හඳුනාගනිමින් තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමට පියවර ගනු ලැබීය.”
     
    මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පැවසුවේ,  “සෑම වසරක ම බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම  මෙවැනි එක් ව්‍යාපෘතියකට මෙම සම්මානය පිළිගන්වනු ලබන බවයි. මෙම සම්මානය ලබා ගැනීමට ඇප කැප වී ක්‍රියා කළ නැණසල ක්‍රියාකාරීන්ට රජයේ ප්‍රණාමය හිමි වන බවත්, මේ සම්මානයත් සමඟ ම අප රටට ජාත්‍යන්තර වශයෙන්  පිළිගැනීමක් ඇති වන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දුන්නේය.
     
    මෙම සම්මානය සමඟ හිමි වූ මුදල් ඉදිරි වසර තුනක කාලය තුළ නව නැණසල මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත්, පවත්නා නැණසල මධ්‍යස්ථාන නවීකරණය කිරීමට හා මෙම මධ්‍යස්ථානවල සේවා අවස්ථා වර්ධනය කිරීම හා නැණසල සේවාලාභීන්ට විශේෂ පාඨමාලා ආරම්භ කිරීමට යොදා ගන්නා බව පෙන්වා දුන් ප්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් පෙන්වා දුන්නේ, මේ වසර අවසන් වීමට ප්‍රථම නැණසල මධ්‍යස්ථාන 1000ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
     
    මෙම අවස්ථාවට එක් වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පැවසුවේ,  “මෙම සම්මානය අදාළ පදනම මගින් ලබාදීමට පියවර ගනු ලැබූයේ තොරතුරු තාක්ෂණය ග්‍රාමීය ජනතාවට නිදහසේ ගලා යාමට රජය ගෙන ඇති පියවර සලකා බලා බවය. ඒ අනුව පැහැදිලි වෙනවා ලංකාවේ සංවර්ධන දැක්ම තුළ එනම් මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ තොරතුරු තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක පවතින බව. දැනට නැණසල මධ්‍යස්ථාන රටපුරා විහාරස්ථාන, ආගමික මධ්‍යස්ථාන මූලික කරගෙන පිහිටුවා ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා තවදුරටත් පැවසුවේ වසර 2016 වන විට තොරතුරු තාක්ෂණ මට්ටම 75% වැනි ජාතික ඉලක්කයක් කරා ළගාවීමට අරමුණ කර ඇති බවයි. ඒ අනුව 2020 වන විට රට තුළ පවතින ග්‍රාම සේවා වසම් 14,000 තුළ ම නැණසල මධ්‍යස්ථාන 14,000ක් ආරම්භ කිරීම රජයේ අරමුණ වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya