මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරෙවි දූපත ආශ්‍රිතව සමරු මුද්දර 06ක් සහ සිහිවටන පත්‍රිකාවක් Featured

    අගෝස්තු 25, 2014
    නිලාවේලි පරෙවි දූපත ඇසුරින් මුද්දර හයක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීම තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දින නිලාවේලි මුහුදු තීරයේ දී සිදු විය.
     
    පරෙවි දූපත හා අවට මුහුදු අභ්‍යන්තරයේ කොරල්පර හා දුර්ලභ මසුන් විදහා දැක්වෙන මෙම මුද්දර අඩංගු සිහිවටන පත්‍රිකාවේ ඇති විවිධ අවස්ථා මුද්දර වශයෙන් නිකුත් කර ඇත.
     
    මෙවැනි සමරු පත්‍රිකා නිකුත් කිරීම සුළු වශයෙන් සිදු කරන්නක් වන බැවින් මෙම මුද්දර සඳහා දෙස් විදෙස් මුද්දර එකතු කරන්නන් අතර විශාල ඉල්ලුමක් ඇති වෙතැයි තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya