මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් දමිළ ජාතික කාන්තා සෙබළියන් 36 දෙනෙකු ජාතික සේවයට

    අගෝස්තු 25, 2014
    ත්‍රීකුණාමලය 22 සේනාංකය විසින් 5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය වෙත බඳවා ගැනීමෙන් අනතුරුව පුහුණුව ලැබූ තවත් දමිළ ජාතික කාන්තා සෙබළියන් 36 දෙනෙකු සිය මූලික පුහුණුවීම් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ජාතික සේවය සඳහා විසිර යෑමේ උත්සවය ඉතා වර්ණවත් ආකාරයෙන් පවත්වනු ලැබීය.
     
    පස්වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය වෙත බඳවා ගන්නා ලද මෙම ද්‍රවිඩ ජාතික කාන්තා සෙබළියන් 36 දෙ‍නා විසින් සිව් මසක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.
     
    සිය පුහුණුවීම් කාලය අතරතුර දී ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව මෙන්ම පරිගණක තාක්ෂණය පිළිබඳව ද මනා දැනුමක් මෙම සෙබළියනට ලබා දුන් අතර දිවයිනේ සෙසු වැදගත් හා ආකර්ෂණීය ස්ථාන නැරඹීමේ අවස්ථාව ද ඔවුනට සලසා දෙනු ලැබීය.
     
    දමිළ ජාතික කාන්තාවන් ඉදුරාම මෙසේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය වෙත බඳවා ගැනීම තුළින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නවකයන් බඳවා ගැනීමේදී හමුදාව විසින් ජාතිවාදී ලෙස කටයුතු කරන්නේ යැයි විවිධ ස්ථානයන්හි ඇති කටකතා සාවද්‍ය බව මනාව පැහැදිලි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya