මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයේ දී දෙමාපියන්ගේ උදාරතර කැපවීම අගය කළ යුතුයි

    අගෝස්තු 25, 2014
    දෙමාපියන් ලෙස ඔබගේ මේ උදාරතර කැපවීම මඟින් ලක්ෂ සංඛ්‍යාවකට අනන්ත දුක් කම්කටොලු මැද දිවි ගෙවූ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් උදා කර දී රට ජාතිය ආරක්ෂා කිරීමේ මහඟු කාර්යය සඳහා දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබා දීම වෙනුවෙන්  ඉටු කළ ජාතිමාමක සේවය වෙනුවෙන් මුළු මහත් ජාතියේ ම ප්‍රණාමය හිමි වන බව ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කළ යුතු යැයි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ බල සේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.වයි.පී. රත්නායක මහතා පැවසීය.
     
    ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දස වන ආධුනික සෙබළ කණ්ඩායම විසිරයාමේ අවස්ථාවට එක්වෙමිනි. පසුගිය සෙනසුරාදා එම බලකා පරිශ්‍රයේදී මෙම විසිරයාමේ උත්සවය පැවැත්විණි.
     
    විශේෂ බලකායේ බල සේනාධිපති බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. "ඉතිහාසය දෙස බලන විට විජයගේ පරම්පරාවෙන් පැවත ආ අප සාමකාමී වාතාවරණයක ජීවත් වුණි. පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි වැනි විදේශීය බලපෑම් මඟින් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් බවට පත් කර ගත් යුගයකට පෙර රජ කළ දුටුගැමුණු රජු වැනි වීරවරුන් විසින් අපේ රට ඔවුන්ගෙන් බේරා ගනු ලැබුණි.
     
    1815දී ඉංග්‍රීසි ජාතිකයන් හට අප රට පාවාදීම හේතුවෙන් අප යටත් වැසියන් බවට පත් වුණා. එහෙත් 1948දී අප යටත්විජිත පාලනයෙන් අරගල කොට නැවත නිදහස ලබා ගන්න සමත් වුණා. එතැන් සිට දශක තුනකට අධික කාලයක් තුළ කුරිරු යුද්ධයකින් ලේ පිපාසයෙන් සිටි ම්ලේච්ඡ ත්‍රස්තවාදය විසින් පූජ්‍ය පක්ෂය, අහිංසක සිවිල් වැසියන් හා කිරි දරුවන් පවා මරා දමමින් රටේ ආර්ථිකය දැඩි ලෙස අඩපණ කොට සිටි අවධියක නැවත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වීර පුතෙකු ලෙස ම්ලේච්ඡ ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමක් මඟින් මුලිනුපුටා දමා මේ සිංහල දේශය නිදහස්, නිවහල් රටක් කරන්නට නායකත්වය ලබා දුන් බව" පැවසීය.
     
    විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් එච්.පී.ඩබ්.කේ. නිශ්ශංක ඊරියගම මහතා, යුද හමුදා බලලත් නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya