මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට තද වැසි Featured

    අගෝස්තු 23, 2014

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (23) සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කෙසේ වුවද අද දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මන්නාරමට සන්ධ්‍යාකාලයේ දී  හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.0°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද අලුයම 5.30 වනවිට මි.මී. 86.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 79.5ක් කටුනායකින් ද මි.මී. 54.9ක් යාපනයෙන් මි.මී. 54.2ක් පුත්තලමෙන් ද මි.මී. 51.6ක වර්ෂාපතනයක් කොළඹින් ද වාර්තා වේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.4°C ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන්  ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.5°C නුවරඑළියෙන් ද මි.මී. 137.0ක උපරිම වර්ෂාපතනය මීගමුව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya