මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවේ - මුහුදු රළ මට්ටම ඉහළට

    අගෝස්තු 23, 2014

    අද (23) කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ මඩකළපුව සිට ත්‍රිකුණාමලය හරහා යාපනය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ද  විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.  


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60-70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක. මේ සමග මුහුදු රළවල උස විටින් විට ඉහළ යා  හැකිය


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya