නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයට මහජන බැංකුවෙන් සුවිශේෂී ණය පහසුකම් Featured

    අප්‍රේල් 07, 2014

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජන බැංකුවෙන් එක් දිනක් තුළ ලබා ගතහැකි විශේෂිත ණය පහසුකමක් හඳුන්වා දී ඇත.

    රාජ්‍ය හා පුද්ගලික අංශයේ ස්ථීර සේවයේ නියුතු වූවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම දීමනාව මගින් රුපියල් 100,000ක් දක්වා එක් ඇපකරුවෙකු මත ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව සලසා දී තිබේ.

     

    මෙම ණය පහසුකම මාස 12ක නැවත ගෙවීමේ පදනම මත ලබාගත හැකි අතර, රුපියල් 100,000ක ණය මුදල් සඳහා ගෙවිය යුතු මාසික ණය වාරිකය රුපියල් 9025කි. මෙම සුවිශේෂී දීමනාව අප්‍රේල් 30වනදා දක්වා ක්‍රියාත්මක වේ.

     

    ළඟම ඇති මහජන බැංකු ශාඛාවට අවසන් මස වැටුප් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් මෙම සුවිශේෂී දීමනාව හිමිකර ගත හැක.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya