මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අහිමිවුවන්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පාඨමාලා

    අගෝස්තු 21, 2014
    විශ්වවිද්‍යාල සඳහා ඇතුළුවීමේ අවස්ථාව අහිමිවූවන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමිවෙන බව එහි පීඨාධිපති මහාචාර්ය රංජිත් පෙරේරා මහතා සඳහන් කරයි.
     
    ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන්නන් සඳහා ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි වන අතර දෙසැම්බර් මාසයේ දී ප්‍රතිඵල නිකුත් වුවහොත් එළඹෙන ජනවාරි මාසයේ සිට පාඨමාලා ආරම්භ කෙරේ. අනෙකුත් විශ්වවිද්‍යාල තුළ නොමැති පාඨමාලාවන් ද මෙම විශ්වවිද්‍යාලය තුළින් හැදෑරීමට අවස්ථාව හිමිවන අතර වසර 4ක් අවසානයේ උපාධිය හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.
     
    මීට අතරව ලන්ඩන් උසස් පෙළ හැදෑරුවන්ට ද මෙම විශ්වවිද්‍යාලය හරහා උපාධි පාඨමාලා හැදෑරිය හැකි වේ.
     
    එළැඹෙන වසරේ දී දකුණු පළාතේ අලුතින් මණ්ඩප දෙකක් විවෘත කිරීමට නියමිතව ඇති අතර ඒ හරහා වාස්තු විද්‍යාව හා මැනුම්, පරිගණක පාඨමාලා හැදෑරිය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya