මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පැසිෆික් තැපැල් සංගමයේ වාර්ෂික රැස්වීම කොළඹ දී

    අගෝස්තු 21, 2014

    ආසියානු පැසිෆික් තැපැල් සංගමයේ (APPU) 2014 වාර්ෂික විධායක සභා රැස්වීම සැප්තැම්බර් 15 සිට 19 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.



    විධායක සභා රැස්වීම සඳහා විශ්ව තැපැල් සංගමයේ අධයක්ෂ ජනරාල් බිෂාර් හුසේන් සහ ආසියානු පැසිෆික් තැපැල් සංගමයේ අධ්‍යක්ෂ ලිං හේන්ලියෑං මහත්වරුන් ප්‍රධානව රටවල් 32ක සමුළු නියෝජිතයන් හා නිරීක්ෂකයන් 150ක් පමණ සහභාගිවීමට නියමිතය.

    15දා වැනි දා සමුළුව ආරම්භ වන අතර, 18දා දක්වා සංගම් රැස්වීම් ද එදින අවසන් උත්සවය ද පැවැත්වෙනු ඇත. සමුළු නියෝජිතයන් 19දා පින්නවල, පේරාදෙනිය, මහනුවර ආදී ප්‍රදේශවල චාරිකාවක ද නිරත වෙනු ඇත.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක සමුළුවෙන් පසුව රටවල් 32ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යාමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහාත් මහඟු පිටුවහලක් වනු ඇත.


    මේ හරහා කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමෙන් ශ්‍රී ලංකා තැපෑලට ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයටත් රුකුලක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya