මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ‍වනෝද්‍යාන මුද්දර පෙළ නිකුත් කිරීම හෙට Featured

    අගෝස්තු 21, 2014
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික ව නිකුත් කිරීමට කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික ‍වනෝද්‍යාන මුද්දර පෙළ හෙට (22)දා ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයේ දී නිකුත් කරනු ලැබේ.
     
    මෙවර මුද්දර පෙළ ත්‍රිකුණාමලයේ පරවි දූපත හා එහි වන ජීවීන් ආශ්‍රිතව නිර්මාණය කර තිබෙන අතර එය මුද්දර හයකින් යුක්ත වේ.
     
    මෙම මුද්දර පෙළට වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කර ඇත්තේ මුද්දර කාර්යංශයට අනුයුක්ත චිත්‍ර ශිල්පීන් විසිනි. මුද්දර රුපියල් 7, 10,15, 25, 35, 50 යන වටිනාකම්වලින් යුක්තය.
     
    පසුගිය වසර පහ තුළ යාල, විල්පත්තු, වස්ගමුව, හෝර්ටන්තැන්න යන වනෝද්‍යාන ආශ්‍රිතව මුද්දර කාර්යංශය මඟින් මුද්දර නිකුත් කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya