මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා සැමෝවා දූපත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවයි Featured

    අගෝස්තු 18, 2014

    ශ්‍රී ලංකාව හා නිදහස් රාජ්‍යක් වන සැමෝවා දූපත් අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹේ.

     

    සිය රජයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මහාචාර්ය පාලිත කොහොන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැමෝවා නියෝජිත Ali’ioaiga Feturi Elisaia මහතා විසින් පසුගිය 15 වෙනිදා ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් තබන ලදී.

     


    නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීම පිළිබඳව මෙම තානාපතිවරුන් දෙදෙනා සතුට ප්‍රකාශ කළ අතර පවත්නා මිත්‍ර සබඳතා හා රාජ්‍යන් අතර සහයෝගය ඉදිරියේදී වැඩි වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

     

     

    සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනයට සහ සමාජ, ආර්ථික හා දේශපාලන සහයෝගය සඳහා එදින අත්සන් තැබූ නිල ප්‍රකාශය දායක වන බව  මහාචාර්ය කොහොන සඳහන් ක‍ළේය. සංවර්ධනය වෙමින් පවතින දූපත් ලෙස දෙරට මුහුණ පාන අභියෝග හා ප්‍රශ්න එක හා සමාන වීම මෙම සබඳතා සඳහා සුවිශේෂී වේ.

     


    මෙම හමුවේදී අන්‍යෝන්‍ය සබඳතා නිල වශයෙන් ඵලදායී ලෙස වර්ධනයට දෙරටේ තානාපතිවරු දෙදෙනා එකඟ වූහ.

     

    SDF

    SL vs Samoa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya