මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෝදී යටතේ ඉන්දියාව: ඉන්දු ලංකා සබඳතාවල හැරවුම් ලක්ෂයක්" මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විශේෂ දේශනයක්

    අගෝස්තු 18, 2014

    මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් පවත්වනු ලබන විශේෂ දේශනයක් "මෝදී යටතේ ඉන්දියාව : ඉන්දු ලංකා සබඳතාවල හැරවුම් ලක්ෂයක්" යන මැයෙන් ලබන බදාදා (20) පෙරවරු 10.30 සිට පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 02 හි දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍ය වේදීන්ගේ සංගමය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇත.


    මහාචාර්ය රොහාන් ගුණරත්නට අනුව ඉන්දියාවේ අගමැති මෝදී ශ්‍රී ලංකාවේ හොඳ මිතුරකු හෝ නරක සතුරකු හෝ විය හැකිය. මෙහෙවරක් සහිත මෝදී අර්ථ විරහිත නායකයෙක් නො වේ. මෝදී මෝඩයන් හෝ සතුරන් හෝ නො ඉවසයි. ශක්‍යතා සහිත නායකයන් කණ්ඩායමක් සමඟ මෝදී ඉන්දියාවේ අතීතය බිඳඳමා ඇති අතර එය නව උපායමාර්ගික දිශානතියකට ගෙනයයි. බටහිර පක්ෂපාත ප්‍රතිපත්තියක සිටි කොංග්‍රසය මෙන් නො ව මෝදීට ඉන්දියාව වෙනුවෙන් හොඳ ම දෙය අවශ්‍ය ව තිබේ. තවත් සීතල යුද්ධයකට දායක වනු වෙනුවට මෝදී බටහිර හා නැඟෙනහිර සමඟ කටයුතු කරනු ඇත. නවදිල්ලිය, චීනය පිළිබඳ ව විමසිලිමත් වුවත් ඉන්දියාව බහුධ්‍රැවීය ලෝකයකට දායක වන තුන් වන බලවේගයක් වනු ඇත.


    කොංග්‍රස් රජය පැරදී භාරතීය ජනතා පක්ෂය මතුවීම, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා විශාල අවස්ථාවක් වනු ඇත. අදාළ නොවන 1987 ඉන්දු - ලංකා ගිවිසුම හෝ යල් පිනූ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනු වෙනුවට ශ්‍රී ලංකාව පරිධියෙහි නො ව ක්ෂේත්‍රයෙහි බලය පැවරිය යුතුය. ත්‍රස්තවාදයට සහය දක්වන හා නැවත නැඟී සිටීමේ LTTE උත්සාහයට සහය දෙන ඇතැම් තමිල්නාඩු දේශපාලඥයන් සිටියදීත් දකුණු ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය මෙන් ම එයට අයත් නොවන යහපත් පදවිධාරීන්ට ඇරැයුම් කිරීම ශ්‍රී ලංකාවට සියල්ලට වඩා වැදගත් වේ. මෝදීගේ නැඟීම ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව හෝ නොසලකා හැරිය යුතු පැහැරහැරිය යුතු හෝ අත්හැරිය යුතු අවස්ථාවක් නො වේ. ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකිකයන් ඉන්දු ලංකා සබඳතාවල නව යුගයක් ඇති කිරීම සඳහා මේ අවස්ථාව විමසිලිමත් ව හා බුද්ධිමත් ව භාවිත කළ යුතුය.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya