මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ගැටලු විසඳීමට ශ්‍රී ලංකා - ඉන්දියා සාකච්ඡාවක් Featured

    අගෝස්තු 18, 2014
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ධීවර ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණින් දෙරටේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 29දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂ නිමල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවරයන් අතර දිගින් දිගට ම පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් 
    ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වේ.
     
    ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම සාකච්ඡාව පැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය, විදේශ සේවා හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතව ඇත.
    මෙම සාකච්ඡාවේ දී ධීවරයන් අත්අඩංගුවට ගැනීම, මුහුදු සීමා උල්ලංඝනය කිරීම ඇතුළු මෙම ගැටලුවට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    DB
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya