එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා.....
අප අවට කලාපයේ රටවල් ගණනාවක කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිකොට තිබේ. පකිස්තානයේ කාන්තා පාසල් වසාදැමීමට අන්තවාදීන් ක්‍රියාකරන විට එය නොතැකූ මලාලා වැනි දියණියන්ට වෙඩි තැබූ අතර කාන්තාවන්ට අධ්‍යාපනය අහිමි කර තිබේ. අද බොහෝ රටවල ඇතැම් ආගමික ආයතනවල 7 හා 8 වන සියවස්වල ලියැවී තිඛෙන සාම්ප්‍රදායික පොත්පත්වල තියෙන ආකාරයට නීති ක්‍රියාත්මක කිරීමට යාමෙන් කාන්තාවන්ට අධ්‍යාපනය අහිමිකොට තිබේ. නමුත් අප රට ගැන ආඩම්බර විය හැකියි. මන්ද අපේ රටේ කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළින් ම සිටිනා බැවිණි. විශ්වවිද්‍යාලවල, වෛද්‍ය, නීතිඥ, අධිකරණ සේවාවල, පරිපාලන නිලධාරී, ග්‍රාම නිලධාරී, අමාත්‍යාංශ ලේකම්වරු දක්වා අද බහුතරයක් කාන්තාවන් නියෝජනය කරති. මේ රටේ අධ්‍යපනය ගැන සෑම දර්ශකයකින්ම බැලුවිට අපට ආඩම්බර විය හැකිය.
අද සෑම තැනකම විදුලිය, දුරකතන, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පහසුකම් ඉහළ නැංවී තිබේ. කෙසේ වුවද මේ රටතුළ අධ්‍යාපනයේ විවිධ විෂම ක්‍රියාදාමයන්, ක්‍රියාකලාපයන් ක්‍රියාත්මක වේ. රජය අධ්‍යාපනයට වියදම් කරන මුදල හා සමාන මුදලක් අද අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් ද වියදම් කරති. අද විදුලි බිල, ජලබිල, ආහාර වියදමට වඩා සෑම දෙමාපියෙක්ම තම දරුවන්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමට ප්‍රමුඛතාව දෙති.
මේ රටේ දුප්පත්කම නැතිකිරීම සෑම මැතිවරණයකදීම පොරොන්දුවක් විය. දැන් යම් තරමක් දුරට මෙම දුගී බව තුරන්වී තිබෙන අතර අද බඩගින්නේ කිසිවෙක් මැරෙන තත්ත්වයක් නොමැත. ඒ ගැන අප සතුටු විය යුතුයි. එසේ වුවද මේ රටේ තවත් දුප්පත්කම් ගණනාවක් බිහි වී තිබේ. අවස්ථා නැතිකමේ දුප්පත්කම, තීන්දු තීරණ ගැනීමේ දුප්පත්කම අද රට තුළ නිර්මාණය වී තිබේ.
රටේ ජනගහණය පිළිබඳ ගැටලු මතුවී තිබේ. අද මේ රට වේගයෙන් වියපත්වන රටකි. රටේ දරුවන්ගේ ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමින් යන අතර රටේ ජනගහණය සමස්තයක් ලෙස වර්ධනය වීම 1%ටත් අඩු තත්ත්වයට පත් ව තිබේ. සිංහල ජනතාවගේ ජනගහණ වර්ධනය 0.74 %කි. මේ ආකාරයට සිංහල ජනගහණය දෙගුණයක් වීමට වසර 160ක් ගත වන අතර මේ රටේ සිංහල ජනතාව බහුතරයක් ලෙස ජීවත්වන අවසන් සියවස ලෙස මෙය හඳුන්වාදිය හැකියි. වසර දසදහස් ගණනක ඉතිහාසය ගැන කතාකරන, ලෙයින්, රනින්, යකඩින් හා ගලින් කරපු ඉතිහාසයක් ගැන ආඩම්බර වෙන අපේ ජාතියේ මේ ගෙවෙන්නේ අන්තිම සියවසයි.
සංස්කෘතික බෙදුම්වාදය අද මේ රටේ හැමතැනම දක්නට ලැබෙන අතර ඇඳුමෙන්, පැළඳුමෙන්, කෑමෙන්, බීමෙන්, බැංකු කටයුතුවලින්, ආර්ථීකයෙන් ආදී සෑම තැනකදීම මේ සංස්කෘතික බෙදුම්වාදය ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ රටේ මාධ්‍ය, සමාජය, දේශපාලනය පවා අද මේ අන්තවාදී, සමාජ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වල ගොදුරු බවට පත්ව තිබේ. තවත් දශක කිහිපයකින් අපටත් අද සිරියාවේ, ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ ඇසෙන අඳෝනාවන්ගේ හඬ අසන්නට සිදුවීම පුදුමයක් නොවනු ඇත.
MAP