මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවට තැපැල් අයදුම්පත් 42,037ක් Featured

    අගෝස්තු 18, 2014
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 42,037ක් ලැබී ඇති බවත් ඉන් අයදුම්පත් 11,380ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 25,873ක් ලැබී ඇති අතර ඉන් පිළිගෙන ඇත්තේ අයදුම්පත් 19,985ක් පමණක් වන අතර අයදුම්පත් 5,888ක් ප්‍රතික්ෂේප වී ඇත.
     
    මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් තැපැල් අයදුම්පත් 16,164ක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් 10,672ක් පිළිගෙන ඇති අතර අයදුම්පත් 5,492ක් ප්‍රතික්ෂේප වී ඇත.
     
    තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 4 සහ 05දිනවල දී සිදු කෙරෙන අතර එම දිනයන්හි තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයදුම්කරුවන් සඳහා සැප්තැම්බර් 11දා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya