ඌව පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් වු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 27දා හා තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු 25 වන දින තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් 12දා දක්වා සිදු කෙරෙන අතර සැප්තැම්බර් 7වන ඉරිදා දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කොට ඇති බවත් ඒ මහතා පැවසීය.
DB