මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉතා දියුණු තත්ත්වයක

    අගෝස්තු 18, 2014
    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් ඉතා දියුණු තත්ත්වයක පවතින බවත් මෙම සෞඛ්‍ය සේවාවන් ආසියාතික රටවලට හොඳ පූර්වාදර්ශයක් බවත් භූතාන රාජකීය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk මහතා පවසයි.


    භූතාන රාජකීය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk මහතා අද (18) සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේදී මේ බව පැවසීය. 

    මෙම හමුවේදී දෙරට අතර අන්‍යනෝන්‍ය සම්බන්ධතාව හා මිත‍්‍රත්වය වැඩිදියුණු කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දැනට භූතානයේ ක‍්‍රියාත්මක සෞඛ්‍ය අංශ වැඩිදියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවෙන් ලබාගත හැකි දේ පිළිබඳව ද එතුමා මෙහිදී සාකච්ඡා කළේය. 

    භූතාන සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වැඩිදුරටත් පවසා සිටියේ පසුගියදා තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූ බවත් එහිදී ශ‍්‍රී ලංකාවේ නේවාසිකව ඉගෙනුම ලබන භුතාන රාජ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 දෙනෙකු පමණ තමන්ට මුණගැසීමට ලැබුණු බවත්ය. ශ‍්‍රී ලංකා රජය විසින් එම සිසු සිසුවියන්ට ලබාදී ඇති පහසුකම් හා දැනුම ලබාදීම පිළිබඳව ද එතුමා ශ‍්‍රී ලංකා රජයට විශේෂයෙන් ස්තූතිවන්ත විය. 

    වැඩිදුරටත් අදහස් දැක්වූ භූතාන රාජකීය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කර ඉතා කෙටි කලකින් ශ‍්‍රී ලංකාව ලබා ඇති දියුණුව හා සංවර්ධනය පිළිබඳ තමන් පුදුම වන බවත් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන් ඉතා දියුණු තත්ත්වයක පවතින නිසා මෙය ආසියාතික රටවලට හොඳ මොඩලයක් බවත් පැවැසීය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya