මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය භාෂාවන් ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් පුද්ගලයන් හා ආයතන ලියාපදිංචි කෙරේ

    අගෝස්තු 18, 2014


    රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය ඉලක්ක කර ගෙන දෙවන භාෂාවක් වශයෙන් සිංහල හා දෙමළ භාෂාව සඳහා උපකාරක පංති පවත්වනු ලබන ආයතන හා ගුරුවරුන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සිදු කෙරේ.


    ඒ සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය 2014.06.29 දින සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් හා වාරමංජරී යන ඉරිදා පුවත්පත්වල පළ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය මේ මස 29 දින දක්වා දීර්ඝ කර ඇති බව රාජ්‍ය භාෂා කොමසාරිස් දන්වා සිටී.


    මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ දෙවන භාෂා පිළිබඳව උපකාරක පංති පවත්වනු ලබන අදාළ ආයතන හා උපදේශකවරුන් ඵලදායීව නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීමයි.


    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya