මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි පුද්ගල මරණයක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

    අගෝස්තු 18, 2014

    රිකිල්ලගස්කඩ දී සිදුවූ හදිසි පුද්ගල මරණයක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉන්දියාවේ පුත්තපාර්ථි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සංචාරයක් සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ සංචාරක කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් අතරින් එක් අයෙකු ශ‍්‍රී ලංකාවට පැමිණි පසු පසුගියදා හදිසියේ මරණයට පත් වී ඇත.


    මෙම පුද්ගලයාව රිකිල්ලගස්කඩ මූලික රෝහලට තද උණ, වමනය, පාචනය හා මස්ගොබ වේදනාව වැනි රෝග ලක්ෂණ සහිතව ඇතුළත් කර ඇති අතර පසුව එම පුද්ගලයා මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

     

    මෙම හදිසි මරණය මී උණ රෝගය නිසා සිදු ව ඇතැයි විශ්වාස කරන අතර දැනට විදේශ රටවල් ගණනාවක ඉබෝලා රක්තපාත රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බැවින් ගෝලීය ආරක්ෂක පියවරක් ලෙස (Universal Precautions) මෙම මරණය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කිරීමට ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

     

    මේවන විට මරණයට පත් වූ එම පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර ඇත. එහිදී එම සාම්පල ඉබෝලා වෛරස් පරීක්ෂණය සඳහා ද භාජනය කෙරෙනු ඇත. මරණයට පත්වූ එම පුද්ගලයා සමඟ සංචාරය සඳහා සහභාගී වූ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමසිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

     

    මෙතෙක් ඉන්දියාවෙන් ඉබෝලා රෝගීන් වාර්තා වී නැති අතර එහෙත් ගෝලීය ආරක්ෂක ක‍්‍රමවේදයක් ලෙස මෙම පියවර ගෙන ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකාවට ඉබෝලා වෛරසය ඇතුළුවීම වළක්වාලීම සඳහා ගුවන්තොටුපළේ සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු පැය 24 පුරාම අඛණ්ඩව ක‍්‍රියාත්මක කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.     

     

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya