මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම සම්මානයකින් පිදුම් ලබයි

    අගෝස්තු 18, 2014
    ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා පස්වැනි වරට සිංගප්පූරුවේදී පැවත් වූ ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සඳහා වූ විශිෂ්ටතම මානව සම්පත් මූලෝපාය සඳහා සම්මානයෙන් පිදුම් ලැබීය. ගුවන් සමාගමේ මානව සම්පත් සඳහා කාර්ය නියැළීමේ සහ සංවර්ධන උපාය මාර්ග යටතේ දියත් කළ ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක්විය.

    මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දැක්වූයේ සේවායෝජක වෙළඳ නාම ආයතනය, ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය සහ Stars of the Industry Group යන ආයතන විසින් වන අතර ආසියාවේ ව්‍යාපාර සන්ධානයේ (Asian Confederation of businesses) අනුමැතිය ද ඒ සඳහා හිමිව ති‍බේ.‍
     
    ගුවන් සමාගම මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ මානව සම්පත් සංවර්ධන දැක්ම, නව්‍යතා සහ අගය එකතු කිරීම යන එහි ක්‍රියාශීලී මානව සම්පත් උපාය මාර්ග තුළින් ගුවන් සමාගමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම යන සාධක පදනම් කර ගැනීමෙනි.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සමාගම සතු ප්‍රධාන සම්පතක් වන්නේ එහි කාර්යමණ්ඩලය බවයි. මෙම සම්මානය ගුවන් සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා සියලු සේවකයන්ගේ කැපවීම, උත්සාහය සහ වෘත්තීය දක්ෂකමේ ප්‍රතිඵලයක් ලෙස හිමිවූ බව ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවැනි ගෞරවයකට පාත්‍ර වීම පිළිබඳව ආඩම්බර වන බවත්, ගුවන් සමාගමේ කාර්යමණ්ඩලයට ඔවුන්ගේ සැබෑ හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදුසු ක්‍රියාශීලී පරිසරයක් ගොඩනැගීමට ඇති කැපවීම මෙයින් පෙන්නුම් කරන බවත් ය.
     
    ගෝලීය වශයෙන් ප්‍රමුඛ සේවාවක් ලබා දෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි උසස් සේවා ලබාදෙන්නන් ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර අනාගත කළමනාකරණ සහ නායකත්ව අවශ්‍යතා සඳහා පහසුකම් සැලැසීමටත් කටයුතු කර ඇත. තවදුරටත් ගුවන් සමාගම දැනුම කළමනාකරණ පද්ධතියක් පවත්වා ගනිමින් ව්‍යාපාර වර්ධනය සඳහා අවශ්‍ය දැනුම හුවමාරු කිරීමට කටයුතු කරයි. නිෂ්පාදන වැඩිදුයුණු කිරීමට සහ සේවක දැනුම සඳහා නොයෙකුත් උපාය මාර්ග දියත් කිරීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුළාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රීලංකන් ගුවන් සමාගමට මෙවැනි සම්මානයක් හිමිවීම අප ලද විශිෂ්ට ජයග්‍රහණයක්. එසේම මෙම සම්මානය තුළින් විදහා දක්වන්නේ අප විසින් අනුගමනය කරන ලද විවිධ උපාය මාර්ග තුළින් දිරිමත් වූ, කාර්යශීලී සහ ඵලදායී සේවක පිරිසක් පවත්වා ගැනීම තුළින් ගුවන් සමාගමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙළයි. පසුගිය වසර 3 පුරාවටම මානව සම්පත් සංවිධානය අත්‍යවශ්‍ය වූ ව්‍යාපාර අංගයක් බවට පත්ව ඇත. අප ගුවන් සමාගමේ තේමාව මෙන්ම මූලික ඉලක්කය වන්නේ නව්‍යකරණය, ඵලදායීතාව, සේවක කර්යයයේ නියැලීම සහ හ ගුවන් සමාගමේ සම්පත් උත්පාදනය  සඳහා පහසුකම් සැලසීම වේ. අප කෙටියෙන් හඳුන්වන "HIPER"  (harmony, innovation, productivity, engagement, and resourcing )  තුළින් බොහෝ දුරකට අප මෙම ඉලක්ක සපුරාගෙන ඇත. මානව සම්පත් කණ්ඩායමට මෙන්ම ගුවන් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ නිසි මගපෙන්වීම සහ දිරිමත් කිරීම වෙනුවෙන්ද සියලු ම අංශ ප්‍රධානීන්ගේ සහයෝගයද ශ්‍රීලංකන් සේවක පවුලේ සියලු සමාජිකයින්ගෙන් ලද නොමඳ අත්වැල නිසා මේ සම්මානය හිමිවීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙමි. ඔවුන්ගේ  කැපවීම මෙම සම්මානය සඳහා සැබවින්ම හේතු විය.”
     
    තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කර සිටියේ ලබන වසර තුන තුළදී මානව සම්පත් සංවර්ධන සඳහා  විශිෂ්ට අංග ඇතුළත් කරමින් සමාගමේ සේවකයන් සඳහා නායකත්වය සහ හැකියා සංවර්ධනයට අතහිත දෙමින් ආසියාවේ ප්‍රියතම ගුවන් සේවය බවට පත්වීමේ අරමුණ ශ්‍රීලංකන් ඉදිරි ගමනේදී ලබාගැනීමට කටයුතු කරන බවයි.මෙම සම්මානය පිළිගැන්වීම සඳහා විනිශ්චය ලබා දීමට ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ සභාපති මයිකල් මැක්ඩොනල්ඩ් මහතා ද ආසියා ශාන්තිකර කලාපයේ මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ගෝලීය සභාපති මහාචාර්ය ටොම් හිල්ටන් මහතා ද නිදහස් සහ කළමනාකරණ අධ්‍යාපන පදනමේ සභාපති සහ ඉන්දියාවේ ප්‍රධාන මානව සම්පත් නායිකාවක වන මහාචාර්ය ඉන්දිරා පාරික් මහත්මිය ද සහභාගී වී ඇත. 
     
     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya