මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දයේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිලි 7ක් Featured

    අගෝස්තු 18, 2014
    සැප්තැම්බර් 20දා පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද විමසීමේ දී ඡන්දදායකයන් තමාගේ අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන 07ක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී ඇත.
     
    ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජක හැඳුනුම්පත හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත ආදී ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කළ හැකිය. මෙම ලියවිලි හැරුණු කොට වෙනත් කිසිදු ලියවිල්ලක් මගින් අනන්‍යතාව තහවුරු කළ නොහැක.
     
    පසුගිය මැතිවරණ සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ද මෙවර මැතිවරණය සඳහා වලංගු නො වේ. පවතින හැඳුනුම්පත දුර්වර්ණ වීම නිසා අපහැදිලිව හෝ පුද්ගලයා හඳුනාගත නොහැකි නම් එබඳු ඡන්ද හිමියන් මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතක් ලබාගත යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya