මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලික හැඳුනුම්පත් ලබාගන්නා කාලය සැප්: 12න් අවසන් Featured

    අගෝස්තු 19, 2014
    2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය සැප්තැම්බර් 12න් අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් නොපමාව හැඳුනුම්පත අවශ්‍ය වන පුද්ගලයා තමාගේ උඩුකය අඟල් 1, 1/4 x 1 ප්‍රමාණයේ ඡායාරූප (ජාතික හැඳුනුම්පත් ඡායාරූප ප්‍රමාණය) පිටපත් දෙකක් ද රැගෙන කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී හෝ වත්තක පදිංචි නම් වත්තේ වතු අධිකාරි හමුවිය යුතුය.
     
    තාවකාලික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් ග්‍රාම නිලධාරී/ වතු අධිකාරි වෙතින් ලබාගත හැකි අතර, එම අයදුම්පත සම්පූර්ණ කර ඡායාරූප පිටපත් දෙක ද සමඟ ග්‍රාම නිලධාරී/ වතු අධිකාරි වෙත භාරදිය යුතුය. ඔවුන් ඡන්ද විමසීමට දිනකට පෙර අයදුම්කරුවන් වෙත හැඳුනුම්පත් භාර දෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya