නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුමයන් ප්‍රවර්ධනය හා සංරක්ෂණයට පියවර ගැනේ Featured

    අප්‍රේල් 06, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නව අයවැය යෝජනාවක් අනුව, ශ්‍රී ලංකාවේ වියැකී යන අස්පර්ශණීය උරුමයන් රැකගැනීමේ විශේෂ වැඩසටහනක් “උරුම ප්‍රවර්ධන සහ සංරක්ෂණය” මැයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මගින් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.


    ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයන්, සාම්ප්‍රදායික සිරිත් විරිත් හා අභිචාර විධි නිවැරදිව සිදුකරන ආකාරය පටිගත කොට වර්තමාන පරපුර වෙත ප්‍රචලිත කිරීමෙන් අනාගතය උදෙසා සංරක්ෂණය කිරීම  මෙමගින් අරමුණු කොට ඇත.


    මෙම වැඩසටහන මගින් වියැකී යමින් පවතින අස්පර්ශ හා ස්පර්ශ උරුමයන් පිළිබඳව ජනතා ආකර්ෂණය නැවත පිබිදවීමත්, ඒවා ආශ්‍රිත ජීවනෝපාය ගෙනයන්නන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමත් මෙන්ම පුරාවිද්‍යා ස්ථාන වෙත ආකර්ෂණය වර්ධනය කිරීමත් සිදුවේ. ශාන්තිකර්ම, නර්තන හා බැඳි චාරිත්‍ර, ජන ක්‍රීඩා, ජන ජීවිතය හා බැඳි චාරිත්‍ර, කර්මාන්ත හා කැටයම් කලාව ආදී විෂය පරාසයක් පුරා විහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විද්වත් මණ්ඩලයකගේ උපදේශකත්වය මත එය සිදුකරනු ලබයි.
     

    මෙම වැඩසටහන තුළින් තෝරාගත් ක්‍රියාකාරකම් සජිවීව පටිගත කර තැටිගත කිරීම, එය සිංහල මාධ්‍යයෙන් හඬකැවීම, රූපවාහිනි මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් හඬකැවීම හා ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කර බෙදාහැරීම මෙහිදී සිදුකෙරේ.


    ශ්‍රී ලංකාවේ තෝරාගත් පුරාවිද්‍යා ස්ථාන 100ක් පිළිබඳව සංයුක්ත තැටි හා අත්පොත් සකස් කර සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මෙහි දී සිදුවේ. මෙම “උරුම ප්‍රවර්ධන සහ සංරක්ෂණ” වැඩසටහන සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 100කි. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ උපදේශකත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වසරේදී වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya