අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක උදය කාලයේ දී ද වැසි බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද (07), දහවල් 12.13ට රත්මලාන, ශ්‍රීපාදය, කුඹුක්කන සහ රදැල්ල යන නගරවලට හිරු මුදුන්ව පවතී.
HC